BBC News, සිංහල - ප්‍රධාන පුවත්
ප්‍රධාන පුවත
ශ්‍රී ලංකාවට පැමිණි IMF නියෝජිතයින් ජනාධිපති ඇතුළු ආණ්ඩුවේ නියෝජිතයින්ට පැවසුවේ මොනවා ද?
බදු අනුකූලතාව වැඩිදියුණු කිරීම, බදු පදනම පුළුල් කිරීම සහ හිග වියදම් නැවත ඇතිවීම වැළැක්වීම ඇතුළුව රාජ්‍ය මුදල් කළමනාකරණය ශක්තිමත් කිරීම සඳහා ගනු ලබන ප්රයත්න අඛණ්ඩව ක්‍රියාත්මක කළ යුතු බව ද IMF නිලධාරීන් සඳහන් කර තිබේ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් නිකුත් කරන ලද නිවේදනයේ මෙරට ආර්ථිකය සම්බන්ධයෙන් සුවිශේෂී කරුණු කිහිපයක් පිළිබඳව ද දැනුම් දී තිබිණි.
සුගීශ්වර බණ්ඩාර වැටුප් 2ක් ගත් බව කියන චෝදනාව ගැන ගෝඨාභය ප්‍රකාශයක් දෙයි: අධිකරණයේදී හෙළිවූ කරුණු
ජනාධිපති වැය ශීර්ෂය යටතේ වැටුප් දෙකක් ලබා ගත් බවට සැකපිට රක්ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ පෞද්ගලික ලේකම් වශයෙන් කටයුතු කළ සුගීශ්වර බණ්ඩාරගේ ඇප ඉල්ලීම පිළිබඳ නියෝගය ජූලි 8 වන දා ප්‍රකාශයට පත් කරන බවට කොළඹ කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන නියම කළේ ය.
පාලිත බණ්ඩාර: පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලට යන ශ්‍රී ලංකාවේ බලාපොරොත්තුව
සාමාන්‍ය ක්‍රීඩකයෙකු ලෙස වොලිබෝල් ක්‍රීඩා කළ ඔහු ආබාධිත තත්ත්වයට පත් වූයේ, යුද්ධ හමුදා වොලිබෝල් තරගයක් අතරතුරදී ය. 2013 වසරේදී සිදුවූ එම ආබාධය, තමන්ගේ ක්‍රීඩා ජීවිතයට බාධාවක් වන්නට ඔහු ඉඩ දුන්නේ නැත. ඔහු ආබාධිත තත්ත්වයට පත්වීමෙන් පසු, පැරා මලල ක්‍රීඩා සඳහා යොමු විය.
වත්කම් - බැරකම් ප්‍රකාශ භාර දීමේ කාලය දීර්ඝ කරයි: ඒ ගැන ඔබ දැන සිටිය යුතු ම කරුණු 6ක්
වත්කම් සහ බැරකම් ප්‍රකාශ අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවට භාර දීමේ අවසන් දිනය ලෙස ජූලි 07 දිනය ප්‍රකාශයට පත් කර ඇති අතර, ඒ අනුව එම ප්‍රකාශ භාර දිය යුතු පිරිස් එදිනට පෙර ඒවා උක්ත කොමිෂන් සභාවේ මධ්‍යගත ඉලෙක්ට්‍රොනික පද්ධතිය හරහා යොමු කළ යුතු ය.
උතුරු කොරියානු නායක කිම් ජොන් උන් සිය මව හෝ ඔහුගේ මතභේදාත්මක ලේ උරුමය ගැන කතා නොකරන්නේ ඇයි?
උතුරු කොරියානු නායක කිම් ජොන් උන් වටා ගෙතී ඇති රහස් රැසක් අතරින්, ඔහුගේ මව පිළිබඳව පවතින අභිරහස කැපී පෙනෙන්නකි. චරිතාපදාන රචකයන් සොයාගෙන ඇති තොරතුරු අනුව කෝ, 1952දී ඔසාකාහි උපත ලබා ඇති අතර ඇගේ දෙමාපියෝ වත්මන් දකුණු කොරියාවේ දකුණු වෙරළ තීරයට ඔබ්බෙන් පිහිටි ජේජු දූපතේ පදිංචිව සිටිති.
BBC News සිංහල දැන් WhatsApp ඔස්සේ
ඔබට ඩේටා ඉතුරු කර ගැනීමට අවශ්‍ය ද?
අවම ඩේටා ප්‍රමාණයකින් කියවිය හැකි අපගේ පෙළ පමණක් සහිත වෙබ් පිටුව කියවන්න
වෘත්තීය සහ දිවිමග
විශේෂාංග
රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ: අල්ලස් කොමිසම අධිකරණයේදී අනාවරණය කළ කරුණු මොනවා ද?
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මගින් අත්අඩංගුවට ගත් නීතිඥ රඛිත රාජපක්ෂ, චරිත් අබේසිංහ ඇතුළු සැකකරුවන් තිදෙනා ජූලි 3 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය බ්‍රහස්පතින්දා (ජූනි 25) නියම කළේ ය.
ඩෙංගු උවදුරට විසඳුමක් ලෙස පොල්කටු විකුණා ප්‍රොජෙක්ටර් මිල දී ගත් අම්පේගම ප්‍රාථමික දරුවෝ
ඩෙංගු මදුරුවන් බෝවීම පාලනය සඳහා දකුණු පළාතේ ගාල්ල දිස්ත්‍රික්කයේ, ඇල්පිටිය අධ්‍යාපන කලාපයට අයත් අම්පේගම ප්‍රාථමික විද්‍යාලය විසින් නව්‍ය හා ආදර්ශමත් විසඳුමක් ආරම්භ කර තිබේ. මෙය මදුරුවන් බෝවීම් අවම කිරීම සහ පරිසරය සුරැකීම අරමුණු කරගත් ස්මාර්ට් ප්‍රජා මූලික වැඩසටහනකි.
නිවසට සූර්ය බල පද්ධතියක් සවි කිරීමට පෙර ඔබ දැනගත යුතු කරුණු 5ක්
ඔබත් සූර්ය බලශක්ති පද්ධතියක් නිවසේ හෝ ඔබේ ආයතන පරිශ්‍රය තුළ සවි කිරීමට අදහස් කරයි නම්; එහිදී ඔබ අවධානය යොමු කළ යුතු කරුණු මොනවා ද යන්න මෙම ලිපියෙන් සාකච්ඡා කිරීමට අපි බලාපොරොත්තු වෙමු.
කලාකරුවන්, ක්‍රීඩකයන්, නිරූපණ ශිල්පීන් ඇතුළු අලුතෙන් බදු දැලට හසුවන්නේ කවුද? ජූනි 3 සිට බදු ගෙවිය යුතු කණ්ඩායමට ඔබත් ඇතුළත් ද?
මෙම නව බදු දැලට, මීට පෙර ඇතුළත්ව නොතිබූ නව කාණ්ඩයන් රැසක් ඇතුළත්ව තිබීම විශේෂත්වයකි. නව සංශෝධනයෙන් එම පිරිසට අමතරව, නිරූපණ ශිල්පීන්, කලාකරුවන්, වීඩියෝ ශිල්පීන්, සන්නාම තානාපතිවරුන්, සමාජ මාධ්‍ය විශේෂඥයන් ඇතුළු කාණ්ඩ 25ක් ඇතුළත් කර තිබේ.
සුරේෂ් සලේ: CID රැඳවුම් භාරයේ සිටියදී මානව හිමිකම් කොමිසම කර ඇති නිරීක්ෂණ මොනවා ද?
පාස්කු ප්‍රහාර මාලාවේ තුන්වන සැකකරු ලෙස නම් කර, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුවේ රඳවා සිටින හිටපු බුද්ධි ප්‍රධානී (විශ්‍රාමික) මේජර් ජෙනරාල් තුවාන් සුරේෂ් සලේගෙන් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම ප්‍රකාශයක් සටහන් කර ගෙන තිබේ. එය සිදුකරන ලද්දේ අත්අඩංගුවට පත්ව සිටින පුද්ගලයන් පිළිබඳව පරීක්ෂා කර බැලීමට මානව හිමිකම් කොමිෂන් සභාව වෙත පැවරී ඇති කාර්ය පටිපාටියේ කොටසක් ලෙස බව කොමිසමේ කොමසාරිස්, නීතිඥ නිමල් පුංචිහේවා බීබීසී සිංහල වෙත පැවසීය.

